Colombo Today Local News

හොර පොලිස් නිලධාරීන් 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් 4 දෙනෙකු නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඔවුන් සොයා ගත් බව පොලීසිය සඳහන් කරයි.

අදාළ මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී සිට ඇති අතර ඔවුන් පොලිස් නිලධාරීන් නොවන බවට හඳුනා ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී අත්විලංගු යුවළක් සහ ව්‍යාජ අංක තහඩු 3 ක් ද සිය භාරයට ගත් බව පොලීසිය පවසයි.

25, 26, 27 සහ 42 හැවිදිරි සැකකරුවන් මුල්ලේරියාව, ගිංතොට හා එල්ලක්කල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ඔවුන් අද(9)දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුවන් යම් අපරාධයක් සිදු කිරීමට සූදානමින් සිටියාදැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

සන්ධානය දෙකඩ වෙයි, මහින්ද පාර්ශවය පුංචි ඡන්දයට අලුත් සන්ධානයකින්.

colombotoday

හොර ගිවිසුමට කැමති නෑ. ජනාධිපතිවරණයට ඇප තබමින් සිවාජලිංගම් කී දේ

colombotoday

කීත් නොයාර්, ලසන්ත සිදුවීමට සම්බන්ධ සුදු වෑන් එක හොයා ගනී !

colombotoday

තලතා කෝට්ටේ සංඝ සභාවට විනය උගන්වන්න යයි.. අඹ කෝ ඇහුවම දෙල් පෙන්නයි

colombotoday

උප්පැන්න නැති ශ්‍රී ලාංකිකයින්ට ID එකක්

Admin