ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, අත්අඩංගුවට ගෙන සිරගත කිරීමකින් තොරව ජාතික රජයට කිසිදු කාර්යක් සිදුකළ නොහැකි බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්රී සී.මයුරන් පවසයි.
එමෙන්ම මොවුන් සිරගත කළ නොකලහොත් දෙමළ ජනතාවට පිළිගත හැකි සාධාරණ දේශපාලන විසදුමක් ලබාගත නොහැකි බවද හෙතෙම කීවේය. මන්ත්රීවරයා මේ බව සදහන් කළේ උතුරු මහ ඇමතිවරයාට එරෙහිව වවිනියාවේදී සිදුකළ විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
කොටි සංවිධානය සිටි කාලයේ කිසිදු බලවේගයක් කොටි සංවිධානයට එරෙහිව හෝ දෙමළ දේශපාලන නායකයින්ට එරෙහිව හෝ කිසිදු හඩක් නෙනැගූ බවත්, වව්නියාවේ සිංහල ජනතාව දෙමළ ජනතාවගෙන් වෙන්කිරීමේ අරමුණින් ඇතැම් බලවේග පසුගියදා වව්නායාවේදී සිදුකළ විරෝධතාවය ජාතිවාදය වැපිරීමක් සේ දකින බවත් ඔහු කීවේය.