Colombo Today Local News

මානව හිමිකම් කොමිසමේ පෙත්සම සලකා බලා අවසන් වන තුරු විදුලි කප්පාදුවක් නැහැ… – ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් කරන තුරු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

මෙවර උසස් පෙළ විභාගය අවසන් වන තුරු කිසිදු ආකාරයකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසට තමත් ලබාදී තිබු තීන්දුව උල්ලංඝණය කරමින් විදුලිබල බලධාරීන් කටයුතු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ගොනු කළේ ය.

ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා එම පොරොන්දුව ලබා දෙමින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ, මේ වන විටත් ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කල පරිදි කිසිදු ආකාරයකින් විදුලිය විසන්ධි කිරීමක් එම කාලය තුළ සිදු නොකරන බවයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ එම අධිකරණයට අපහාස කිරීමේ නඩුව පී. පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.

Related posts

අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල කිරිමට කැබිනට් අනුමැතිය

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන් NGO නඩයක් සමග හමුදා කදවුරකට කඩා පනී.. හමුදාව පොලීසියේ පැමිණිල්ලක් දමයි

colombotoday

රඹුක්කන ජනතා විරෝධයට පොලීසියෙන් වෙඩි – අයෙක් මරුට

colombotoday

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

colombotoday

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

colombotoday