විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළහොත් 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත් ස්ථීරවශයෙන්ම මෙරට විධායක ජනාධිපති ධුරයට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.
යම් හෙයකින් ආණ්ඩුව විධායක ජනාධිපති ධුරය අහෝසි කල හොත් මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය සදහා තරග වදින බවද ඔහු කියා සිටියේය. දෙරණ රූපවාහිණියේ 360 වැඩසටහනට සහභාගී වෙමින් මන්ත්රීවරයා මේ බව පැවසීය.