සිගරට් රටට අනවශ්‍ය බවත්, අරක්කු ටිකක් බීම ඊට වඩා හොද බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දුම්වැටි මිල ඉහල දැමීම ගැන ඇමතිවරයාගෙන් කල විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය. ‘අවශ්‍ය නෑනේ සිගරට් බොන්න. අරක්කු ටිකක් බොනවකම් ඊට වඩා හොදයි’ යයි ඇමතිවරයා එහිදී පැවසීය.