Colombo Today Local News

ඇල්පිටිය ප්‍රා.සභා අය වැය වැඩි ඡන්ද 09කින් පරදියි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ (පොදුජන පෙරමුණු) සභාපතිවරයා ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනාව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 07දෙනකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරු 19 දෙනෙක් එක්ව වැඩි ඡන්ද 09කින් පරාජයට පත් කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම ප්‍රාදේශීය සභා සභාපති (පො.ජ.පෙ.) කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 10.00 ට ප්‍රාදේශීය සභා රැස්වීම්ශාලාවේදී ආරම්භ කරනු ලැබීය.

ආගම සිහිකිරීමෙන් හා මියගිය රණවිරුවන් සිහිකිරීමෙන් පසු න්‍යාය පත්‍රානුකූලව සභාපතිවරයා විසින් 2024 අය වැය යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට සභාවේ ජන්ද විමසීම සිදුකරන ලදී.

ලංකාවේ දැනට ක්‍රියාත්මක වන එකම පළාත් පාලන ආයතනය ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පමණි.

Related posts

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday

“අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ“ – නීතිපතිගේ මතය මෙන්න

colombotoday

සීනි 17කින් නගී !

colombotoday

ප්‍රරවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අරාබි ජාතිකයෝ ඉස්ලාමයෙන් ඉවත් වෙති… BBC සමීක්ෂණයකින් හෙළිවෙයි…

colombotoday

ජනාධිපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙක් කූඩුවට

colombotoday