Colombo Today Local News

මිලේනියම් සිටි නඩුව : හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා නිදොස් කොට නිදහස් කරන්නැයි, කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

මිලේනියම් සිටි ඇතුළු හමුදා බුද්ධි අංශ නිවස්න වැටලීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පල මහතා සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන්නැයි, කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

2002 ජනවාරි පළමුවෙනිදා සහ 2002 සැප්තැම්බර් මස 3 වනදා අතර කාලය අතරතුරදි කොළඹ අතුරුගිරිය, මහනුවර සහ කඩුගන්නාවේදී හමුදා බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගෙන යුධ රහස් හෙළිකිරීම, ඔවුන් භාවිත කළ යුද උපකරණ අත්අඩංගුවට ගෙන ඡායාරුපගත කිරීම සහ වීඩියෝගත කිරීම ඇතුළු චෝදනා යටතේ නඩුව පවරා තිබිණ.

විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා අදාළ චෝදනාවලින් නිදහස් කරන ලෙස නිතීඥයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරමින් විනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ, පැමිණිල්ල විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද සාක්ෂිය අනුව විත්තියේ සාක්ෂි කැදවා නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට තම අධිකරණය තිරණය කර ඇති බවයි.

ඒ අනුව විත්තියේ සාක්ෂි කැඳවීමට නඩුව ලබන 21 වන දින යළි කැඳවීමට දින නියම කළ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි ලැයිස්තුව එදිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද නියෝග කර ඇත.

Related posts

මේක ඇමරිකන් කොළණියක් කරගෙන… තව ඔබාමා විතරයි අඩු – ඩලස්

colombotoday

කැලණිවැලි, පුත්තලම සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය නැවත දැනුම්දෙන තුරු අවලංගුයි

colombotoday

මැකෝ මහ නාහිමිවරුන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

සිවුදෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට

Admin

පුතාගේ මරණයේ සැකකරුට පියාගෙන් ඇසිඩ් පහරක්

Admin

ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා විපක්ෂයේ වුවමනාව මැතිවරණය කල් දමා ගැනීමයි

colombotoday