Colombo Today Local News

චීන රජයෙන් දුන් ඉන්ධන ගොවින්ට බෙදීම අරඹයි

චීන රජයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක් ගොවි ජනතාව වෙත බෙදා හැරීම ඇරැඹූ බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම් ඒ. එල්.අබේරත්න මහතා පවසයි.

ඒ අනුව මේ වනවිට අස්වනු නෙලීමේ කටයුතු ඇරැඹී තිබෙන කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා පළමු ඉන්ධන බෙදාහැරීමට පියවර ගෙන තිබෙන බව අමාත්‍යාංශය පවසයි.

මහ කන්නය මැද දී මෙම ඉන්ධන තොග චීන රජය විසින් ලබා දුන්නද ඒ වනවිටත් ගොවිතැන් කටයුතු ඇතැම් දිස්ත්‍රික්ක වල අවසන් ව තිබු නිසා අස්වැන්න නෙලන අවස්ථාවේ දී මෙම ඉන්ධන තොග ගොවි ජනතාව වෙත නොමිලයේ ම ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි.

මෙම ඉන්ධන තොගය අක්කර භාගයේ සිට අක්කර දෙකහමාරක් දක්වා ( හෙක්ටෙයාර් 01) වගා කරන වී ගොවීන් සදහා හෙක්ටෙයාර් එකකට ලීටර් 15ක් බැගින් නොමිලයේ ලබා දීමට පියවර ගෙන තිබේ.

අස්වනු නෙලන ආකාරයට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ගොවීන් වෙත මෙම ඉන්ධන සැපයීම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලබයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඉන්ධනලාභීන් වෙත නිකුත් කරනු ලබන වවුචරයක් මගින් ඔවුන්ට අදාල ඉන්ධන ප්‍රමාණය අදාල පිරවුම්හල් වලින් ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

Related posts

පාස්කු ප්‍රහාරය – පස්දෙනෙකු ගැන විමර්ශන අරඹන්නැයි පොලිස්පතිට උපදෙස්

colombotoday

මස්කෙලියේ ජුම්මා පල්ලියේ තිබී පිහි 49 ක් පොලිස් බාරයට

colombotoday

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ මෙහෙයුම්

Admin

ජල විදුලි ජනනය 15%ක් දක්වා පහළට

Admin

දුරකථන ඇමතුම් දත්ත ඇතුලත් බැදුම්කර වාර්තාවේ පිටපත ජනතාවට නිකුත් කරයි….

colombotoday

“දොස්තරලා කියන්නේ කාමුකයෝ, ගෙවලයෝ, නිවටයෝ.. අසභ්‍ය වීඩියෝ මා සතුයි” රාජිත පුත් චතුර පවුල වෙනුවෙන් සටනේ

colombotoday