Colombo Today Local News

අධිකරණය වන්දි ගෙවා නිම නොකල මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය විසින් තම වත්කම් හා බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (02)දින නියෝග කර තිබේ.

දෙසැම්බර් මස 30 වනදාට පෙර එම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස එහිදී නියෝග කර ඇත.

පාස්කු ප්‍රහාරයට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් අද කැඳවූ අවස්ථාවේ දී එම නියෝග නිකුත් කර ඇත.

Related posts

අපටත් ඇණයක් වූ “යොහෝවාගේ සාක්ෂිකාරයෝ” රුසියාවේ තහනම් කරයි !

colombotoday

ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගලගෙන් ඉවත් කරයි

colombotoday

ගෝඨාබය රාජපක්ෂ යලි දිවයිනට

colombotoday

මෝඩ තකතීරු මුස්ලිම් අන්තවාදීන් භූමිදානය ඉල්ලනවා. | විමල්ගෙන් දරුණු ප්‍රහාරයක්

colombotoday

පන්සලේ හාමුදුරුවෝ බොදු බල සේනා රැස්වීම්වලට යනවද? ගොකරැල්ල පොලිසිය ගම්මුන්ගෙන් අසයි

colombotoday

IMF කොන්දේසියක් මත සොරකම් කළ වත්කම් අය කරගන්න දූෂණය මැඩලීමේ පනතක්

Admin