Colombo Today Local News

ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ දාගැබක කළ කැණීමකින් ශිලාමය කරඬු 4 ක් හමුවේ..

පොළොන්නරුව ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ ඉපැරණි දාගැබක කළ කැණීමකින් ශිලාමය කරඬු 4ක් හමුවී තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සදහන් කරන්නේ, එම කරඬු මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තැන්පත් කර ඇති බවයි.

ලබන 17 වැනිදා එම කරඬු විවෘත කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දේවගල පංඥාසීහ හිමියන් සඳහන් කරන්නේ, ක්‍රිස්තු පූර්ව 2-3ත් අතර සියවස්වලට අයත් බව කියන නටබුන් වූ එම දාගැබේ කැණීම්වලින් පළිඟු කරඬු රැසක් ද හමුවූ බවයි.

මීට අමතරව පබළු වර්ග රැසක් ද හමුවූ බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

Related posts

ඇමති කංචනගේ QR කේතයට බාලගිරි

colombotoday

මෙරට තායිලන්ත තානාපතිගේ නිවසට හොරු පනී… කෝටි 100ක බඩු උස්සලා

Admin

මෙවර උසස් පෙළ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය වෙනස් වෙයි

Admin

ලංකා ඉතිහාසේ බිහි වූ බුද්ධිමත්ම ආණ්ඩුව මේක

Admin

පාසල් ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට රජය තීරණයි

colombotoday

“ණය ගෙවාගන්න බෑ.. මත්තල ඉන්දියාවට දෙනවා” – ගුවන් සේවා නි.ඇමති

colombotoday