Colombo Today Local News

ඉන්දියාව දැඩි අවධානෙන් පසු වූ චීන නැව කොළඹට සේන්දු වෙයි

චීනයට අයත්, ෂි යෑන් 6 පර්යේෂණ නෞකාව අද(24)දින කොළඹ වරායට සේන්දු වීමට නියමිතව තිබේ.

සැපයුම් ලබා ගැනීමේ අරමුණින් නෞකාව පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරමින් ප්‍රකාශ කළේය.

පසුගිය 11වෙනිදා චීනයෙන් පිටත් වූ ෂී යෑන් සික්ස් නෞකාව අද ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව එම දිනවලදිම නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.

එහෙත් ඉන්දියාව මේ නෞකාවේ ශ්‍රී ලංකා ගමන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවු අතර ඒ පිළිබඳව ඉහළම මට්ටමින් මෙරට රාජ්‍ය තාන්ත්‍රිකයින්ද දැනුවත් කළ බවට එරට මාධ්‍ය වර්තා කළේ ය.

මේ අනුව නෞකාවේ ශ්‍රි ලංකා ගමන අවිනිශ්චිත වූ අතර ඔවුන් සමග පර්යේෂණ කටයුතුවල නිරතවීමට ගිවිසුම්ගතව සිටි රුහුණ විශ්ව විද්‍යලයද එයින් ඉවත් විය.

එම තත්ත්වය මත, නෞකාවේ පැමිණිම ලබන මස අග වන තෙක් කල් දමන ලෙස රජය චීනයෙන් ඉල්ලා සිටි අතර විදේශ කටයුතු අමාත්‍යංශය ද ඒ බව තහවුරු කළේ ය.

කෙසේ වෙතත් පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවට නුදුරු ඉන්දියන් සාගර කලාපයේ කිසිම් පර්යේෂණ හෝ නිරික්ෂණ කටයුත්තක නිරත වෙමින් සිටි ෂියෑන් සික්ස් නෞකාව අද උදෑසන තිබුණේ කොළඹ වරාය දෙසට සමීප වෙමිනි.

Related posts

“අපි හදපු අලුත් ව්‍යවස්ථාව ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය එකක්“ – රනිල් එලවූ නිසා ගේන්න බැරිවූ ව්‍යවස්ථාව ගැන සුමන්තිිරන් කියයි

colombotoday

හදුනා නොගත් යාත්‍රාවක්

Admin

ෆොන්සේකා එජාපය සමග අතිනත ගනී

colombotoday

නාමල් කෝටි 20ක් ඉල්ලා FCIDයට එරෙහිව නඩු දමයි

colombotoday

කොළඹ ඉඩම සිංගප්පූරුවට විකිණුවේ නෑ… බදු දුන්නා පමණයි !

colombotoday

කුරුඳුවල බුද්ධිමය දේපොළ අයිතිය මෙරටට

colombotoday