හැටන් දුම්රිය ස්ථානයේ විවේකාගාරය තුල තිබී අභිරහස් ලෙස මිය ගිය සිරුරක් හමු වී ඇති බව හැටන් පොලීසිය පවසයි.
මිය ගිය පුද්ගලයා 70 හැවිරිදි මස්කෙළිය, නල්ලතන්නිය මුල්ගම පදිංචි පී.එස් ආරුමුගම් නමැති පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.
මෙම පුද්ගලයාගේ සිරුර පශ්චාත්මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති අතර වැඩි දුර පරීක්ෂණ හැටන් පොලීසිය මගින් සිදු කරයි.