යාපනය නගරයේ ස්ටැල්ලි මාවතේ තිබී නාඳුනන කාන්තා මළසිරුරක් හමු වූ බව පොලිසිය පවසයි.
මාර්ගයක් අසල කාන්තා මළසිරුරක් ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.
මියගිය කාන්තාව අවුරුදු 65ක් පමණ වන උස අඩි 05යි අඟල් 05ක් පමණ සිහින් සිරුරකින් යුතු කාන්තාවක් වන අතර ඇය දුඹුරු පැහැති සාරියක් හැඳ සිටි බවද පොලීසිය සඳහන් කරයි.