Colombo Today Local News

ජල පහරකට හසුවූ දස හැවිරිදි සිසුවෙක් අතුරුදන්

ගලහ, සුදුවැල්ල ප්‍රදේශයේ සිසුවෙකු ජල පහරකට හසුව ගසා ගෙන ගොස් අතුරුදන් වී තිබේ.

ඊයේ (11) දිනයේ අතුරුදන් වූ දරුවා පාසල් පැවති 05 වසර ශිෂ්‍යත්ව අමතර පන්තියක් සඳහා සහභාගී වී නැවත නිවස බලා පයින් පැමිණෙමින් සිටියදී ජල පහරකට හසු වී ලිට්වැලි ඇල මාර්ගයට ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

අතුරුදහන් වූ සිසුවා වයස අවුරුදු 10ක දෙල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පොලිස් ජල කිමිදුම් කණ්ඩායමකගේ ද සහය ඇතිව දරුවා පිළිබඳ සෙවීම් කටයුතු සිදු කරනු ලබයි.

Related posts

බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 06 ක් කොටු වෙයි

colombotoday

කාඩ්බෝඩ්වීරයන් වෙන්න එපා… දේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් පාලනය කරගත යුතුයි…

colombotoday

මිල අඩු කළ හැක්කේ කිලෝමීටරයකට රුපියලක් පමණයි – ත්‍රිරෝද සංගම් කියයි

Admin

ලොව ප්‍රබලතම භූමි කම්පාව මෙම වසර අවසානයට පෙර ඉන්දියන් සාගරයේ..!

colombotoday

වරෙන්තු නිකුත් කර සිටි විමල් වීරවංශ අධිකරණයට එයි

Admin

පාස්කු ප්‍රහාරය ගැන ’’චැනල් 4’’ කළ හෙළිදරව්ව ගැන හොයන්න රජය සූදානම්

Admin