Colombo Today Local News

ආබාධිතයන්ගේ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්

ආබාධිතයන්ගේ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන ලෙස තමා රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8)දින පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ආබාධිත අයට සියයට තුනක කෝටාවක් වෙන් කරන්න කියලා හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා වෙනම චක්‍රලේඛයක් නිකුත් කළා. හැබැයි අද ඒක ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලනවා. පොදු ස්ථානවල ප්‍රවේශ අයිතිවාසිකම් අද ක්‍රියාත්මක වන්නේ නැහැ. ආබාධිත අයට රජය දෙන දීමනාව ප්‍රමාණවත් නැහැ. ආබාධිතයන්ගේ උපකරණ සඳහා පනවා ඇති ආනයන බදු ඉතා ඉහළයි. ඒ සම්බන්ධයෙන් රජයට දිය හැකි සහනය කුමක්ද. ආබාධිතයන්ගේ උපකරණ වලටත් වැට් එක ගහනවා කියලා ආරංචියි. ඒ උපකරණ වලට ගහන වැට් එක ඉවත් කරන්න කියලා මම ඉල්ලනවා.

ආබාධිත අයට බැංකු පහසුකම් ලබා ගැනීමට ඇති බාධා ඉවත් කරන්න. මේක ඉතා වැදගත් ප්‍රශ්නයක්. මේ රටේ ආබාධිත ප්‍රජාව ලක්ෂ 16 ක් ඉන්නවා. මේ ප්‍රශ්නයට විධිමත් පිළිතුරක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

Related posts

නාවලපිටිය ජය අනුරට

Admin

තාක්ෂණ අමාත්‍යංශයේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ

colombotoday

සතොස මගින් සහන මල්ලක් දීමට පියවර

Admin

රටම කැලඹූ තාජුඩීන් ඝාතනය ගැන යෝෂිත පළමුවරට කතා කරයි

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍යවරු ගිනස් පොතට l ලොව විශාලතම වකුගඩු ගල ඉවත් කරයි.

colombotoday

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ ශ්‍රී ලාංකික M.M.M. නවාස් සහ අෆ්නාස් ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday