පාසල් ළමුන් හා කාන්තාවන් යොදාගෙන අසභ්‍ය වීඩියෝපට හා ජායාරූප සකසා අන්තර් ජාලයට මුදාහැර මසකට රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ඉපැයීමක් සිදු කර ඇතැයි කියන විශ්ව විද්‍යාල දෙකක අධ්‍යාපන හදාරන සිසුවෙක් හා සිසුවියක් භාණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිව සිටින 29 හැවිරිදි පෞද්ගලික විශ්ව විද්‍යාලයක මෘදුකාංග ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙකු හා රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින රජයේ විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන 29 හැවිරිදි වෝහාරික වෛද්‍ය වේදී උපාධි අපේක්ෂිකාවක් බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති උපාධි අපේක්ෂිත ශිෂ්‍යයා හා ශිෂ්‍යයාව පිළිමතලාව ප්‍රදේශයේ ලැගුම් පොළක සිට ඉතා සූක්ෂම ලෙස මෙම ක්‍රියාව සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.