Colombo Today Local News

කල්පිටිය කලපුවේ වසර පහකට පසුව ‘මුහුදු ඌරන් රංචුවක්’

කල්පිටිය කලපුවේ ජීවත් වන මුහුදු ඌරන් රංචුවක් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සංවිධානය කළ යුතුව ඇතැයි පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක සුමින්ද වික්‍රමාරච්චි මහතා පවසයි.

කල්පිටිය කලපුවේ මේ වන විට මුහුදු ඌරන් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සැරිසරන බවට නාවික හමුදා නිලධාරීන් සහ ධීවරයින් විසින් නිරීක්ෂණය කර ඇත.

කල්පිටියට උතුරින් පිහිටි දූපතක් ආසන්නයේ වැඩෙන තණකොළ විශේෂයක් ආහාරයට ගැනීමට මෙම සතුන් වැඩි රුචියක් දක්නව බවට එම නිරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

ක්ෂීරපායී ඝනයට අයත් මුහුදු ඌරන් රැකගැනීම කඩිනමින් නොකළහොත් මෙම සත්ත්වයා මෙරටින්ද තුරන් වීමට ඉඩ ඇති බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් පසුගිය සති කීපය තුළ මිය ගිය මුහුදු ඌරන් දෙදෙනෙකුගේ සිරුරු කල්පිටිය ආසන්න කලපු තීරයේ තිබී ධීවරයින් විසින් සොයා ගෙන බාර දී තිබුණි.

මසුන් මැරීම සදහා යොදන ඇතැම් දැල්වල පැටලෙන මුහුදු ඌරන් මිය ගොස් ඇති බවට අනුමාන කළ හැකි යැයිද ධීවර නිලධාරීන් සඳහන් කරයි.

Related posts

“හිටපු ජනපතිගේ ආරක්ෂාවට පොලීසියේ දෙන්නෙක් දුන්නම හොදටම ඇති” – විජයකලා

colombotoday

වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin

සුබසාධන ගන්න අසත්‍ය තොරතුරු දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර..- ශෙහාන් සේමසිංහ

Admin

වරායේ 55 පැන්න අධ්‍යක්ෂ තියා ගන්න සාගලගෙන් සංදේශ තුනක්

colombotoday

අන්තර්ජාතික නීතී කඩමින් සම්බාධක පනවා ඇති රටවල ගෑස් නෞකා හම්බන්තොටට රිංගනවද ?

colombotoday

හිටපු ජනපති MKDSගේ අවමගුලේදී මාධ්‍යවේදීන්ට පාඩමක් කියා දෙයි!

colombotoday