Covid 19

කොවිඩ් එන්නත් පෙරහුරුවක් අද ස්ථාන 3 කදී..

කොරෝනා සඳහා එන්නත් ලබා දීමේ පෙරහුරුවක් අද (23)දින දිවයිනේ රෝහල් 3 කදී පැවැත්වේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශිය රෝහල සහ රාගම ශික්ෂණ රෝහලේදී පැවැත්වෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ආශ්‍රිතව මේ වනවිට කොරෝනා අසාදිතයින් 12 දෙනෙකු වාර්තා වී ඇතැයි ද ඔහු පැවසුවේ ය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසුවේ, මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් 635 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවයි.

Related posts

කොරෝනා ආසාදිතයන් ගණන 630 දක්වා ඉහළට

colombotoday

තවත් කොවිඩ් මරණ 19 ක්

colombotoday

සෞඛ්‍ය ඇමතිනීයට කොවිඩ් බව තහවුරු වෙයි

colombotoday

තවත් ආසාදිතයින් 406ක් – දෙවෙනි රැල්ලේ කොවිඩ් ආසාදිතයින් 39000 ඉක්මවයි

colombotoday

පාසල් බස්රථ රියැදුරන් තිදෙනෙක් ට කොරෝනා

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ දේහයත් ආදාහනය කරයි

colombotoday