Colombo Today Local News

මහ බැංකු බැදුම්කර මගඩියේ තරම අර්ජුණ්ගේ බෑනාගේ සමාගම් ලාභයෙන් එළියට පනී

kamba-horuහිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා නියෝජ්‍ය අධිපති පී.සමරසිරි ඇතුළු පිරිස සිදු කළ බැඳුම් කර වංචාවේ මුදල් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම්වල ලාභයෙන් එළියට පැමිණ තිබේ.

අර්ජුන් ඇලෝසියස්ගේ පර්පැචුවල් ට්‍රෙෂරිස් සමාගමේ 2016 මාර්තු 31 වාර්තා අනුව එහි ලාභය රපියල් මිලියන 5,124ක ඉහළගොස් ඇත.

මේ වනවිට වාර්තා වන අන්දමට මූල්‍ය අපරාධ පිළිබඳව චෝදනා එල්ල වී තිබෙන පර්පැචුවල් ට්‍රෙෂරිස් සමාගම 2014 මාර්තු 31 සිට 2015 මාර්තු 31 දක්වා වසරක් තුළ රුපියල් මිලියන 959ක් ලාභයක් පෙන්නුම්කරණ එම සමාගම 2016 මාර්තු 31ට පෙන්නුම් කරන ලාභය 2014ට සාපේක්ෂව 534%ක අසීමිත මූල්‍යමය වර්ධනයක් අත්කරගැනීමකි.

බැඳුම්කර වෙන්දේසිවලදී පර්පැචුවල් ට්‍රෙෂරිස් සමාගම සමග තරගකාරීව ප‍්‍රාථමික වෙළඳුන් ලෙස කටයුතු කරන අනිකුත් සමාගම් විසින් එම කාලය තුළ ලබාගෙන තිබෙන්නේ ඉතා පහළ අගයක ලාබයකි. ඒ අනුව කැපිටල් එලියන්ස් සමාගම 2014 වරේදී හා 2015 වසරේදී ලාභ ලබා ඇත්තේ පිළිවෙලින් රුපියල් මිලියන 530කුත් රුපියල් මිලියන 58කුත් පමණි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පැචුවල් ට්‍රෙෂරිස් සමාගමට රාජ්‍ය මුදල් ගසා කෑම සඳහා ඉඩ ලබා දී තිබූ බවට සාක්ෂි සහිතව කරුණු හෙළිවී තිබියදීත් වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු පිරිසක් විසින් මෙම මූල්‍ය අපරාධය වසන් කිරීමට දැඩි උත්සාහයක් දරණ ලදී. එමෙන්ම මහ බැංකු අධිපති වශයෙන් අර්ජුන් මහේන්ද්‍රන්ගේ පළමු නිල කාලය අවසන් කිරීමෙන් පසු සේවා කාලය දීර්ඝ කිරීමටද ක‍්‍රියා කරමින් තිබිණ

විවිධ පාර්ශවවලින් කරන ලද දැඩි බලපෑම් හමුවේ ඔහුගේ කාලය දීර්ඝ නොකර සිටීමට ආණ්ඩුවට සිදු විය.

Related posts

30 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු නෑ..

Admin

මාලිමාව උතුරේ පක්ෂ සමඟ රහස් සාකච්ඡා

Admin

“වියත් මගේදී ගෝඨාභය කීවේ 2025 අපේ ආර්ථික සැලැස්මයි” – හර්ෂ ද සිල්වා

colombotoday

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

colombotoday

ඇමති ලක්ෂ්මන් යාපා මිලියනයක අල්ලසක් අරන්! සමාගම් හිමිකරුවෙකුගෙන් සාක්ෂි සහිතවම පැමිණිළි

colombotoday

කිලෝ 5කට අධික කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday