Colombo Today Local News

අක්කර 50ක රිලා සිරගෙයක්?

රට පුරා වගාවන් විනාශ කරන රිලා ගැටළුවට විසඳුමක් ලෙස රිලා හිර ගෙදරක් සෑදීමට තමන්ට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

තම අමාත්‍යංශයට පැමිණි දෙදෙනෙකු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව හෙතෙම ජන හමුවක් අමතමින් කියා සිටියේය.“ළඟදි මගේ අමාත්‍යංශෙට ආව වැදගත් මහත්වරු දෙන්නෙක්. ඇවිල්ලා කීවා ඔබතුමන්ලා හොයන ප්‍රශ්නෙට අපි ගාව විසඳුම් තියෙනවා. මම කීවා බොහො සන්තෝෂයි, කියන්නකෝ විසඳුම කියලා.

අක්කර පනහක විතර හොඳ කැලෑ තියෙන තැන් තෝරගන්න කීවා. තෝරගෙන හදන්න කීවා රිලා හිරගෙදරක්. ඒක හරි මැදින් බෙදන්න කීවා අක්කර විසිපහ, විසිපහ. එක කොටුවට ගෑණු සත්තු. අනිකට පිරිමි සත්තු. අවුරුද්දක් හමාරක් යද්දි බෝ වෙන එක අඩුවෙයි කිව්වා. පොඩි ගතියක් නැද්ද ඒ යෝජනාවේ.”

Related posts

වැට් බදු සංශෝධන පනතට කැබිනට් අනුමැතිය

colombotoday

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට බීමතින් සිටි පෑලියගොඩ පොලිස් ලොක්කන්ගෙන් අමානුෂික ප්‍රහාරයක්.

colombotoday

රැම්සා තෙත් බිමේ සිටවූ කඩොලාන පැළ 1000ක් ගලවා විසිකරලා

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයින් 306ක් දිවයිනට

colombotoday

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

Admin

පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හෙට ඇරඹෙයි

colombotoday