Colombo Today Local News

මාලිමාවට ඡන්දය දුන් ජනතාව වේගවත් සහන බලාපොරොත්තු වෙන්නේ නෑ

ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තුව වේගවත් සහන නොව තිරසාර විසඳුම් බව එම පක්ෂ මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි.

“ජනතාව සහන බලාපොරොත්තු වෙනවා, ඒක අපි ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. නමුත් මම හිතන්නෙ විපක්ෂය, සමගි ජන බලවේගයේ මහත්වරු බලාපොරොත්තු වෙන වේගයෙන්ම ජනතාව සහන බලාපොරොත්තු වෙනවාද කියලා මම හිතන්නෙ නෑ. දැනටත් ලංකාවේ ජනතාව, ඒ කියන්නෙ අපට ඡන්දය දීපු ජනතාව බලාපොරොත්තු වෙන්නෙ තිරසාර විසඳුමක්.

මේ ප්‍රශ්න නැවත නැවත කතාවෙන ප්‍රශ්න නෙ. අපි දැන් මේ මොහොතේ කතා කරන හැම ප්‍රශ්නයක්ම හැම අවුරුද්දකම වගේ කතා කරන ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්නවලට තිරසාර විසඳුමක් දෙන මොකක්හරි ක්‍රමවේදයකට රජය අවතීරණ වෙයි කියන එක තමයි ජනතාව මූලිකවම බලාපොරොත්තු වෙන්නෙ.

හදිසි උත්තර දෙන්න අමාරුයිනෙ සමහර ප්‍රශ්නවලට, ඒවාට ටිකක් කල් යනවා. අපි ඒක බොහොම පැහැදිලිව ජනතාවට කියනවා. අපි බොරුවට නිකම් වීරයෝ වගේ හැසිරෙන්නෙත් නෑ. අපි කරන්න පුළුවන් දේ බොහොම පැහැදිලිව කියනවා. අපි ගොඩක් ප්‍රශ්න සම්බන්ධව තියෙන ප්‍රශ්නෙ මොකක්ද, ඒකට යන්න ඕනෙ විසඳුම මොකක්ද කියන එක සම්බන්ධව අදහසකින් කටයුතු කරනවා.”

ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

Related posts

සෞඛ්‍ය ලේකම් වෘත්තීය සමිති හදිසියේ කැඳවයි

Admin

“මාතලේදී බාලවයස්කාර සිංහල දැරියක් ගෙනගොස් විවාහකරගෙන“ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

colombotoday

නොමිළේ WIFI.. ගූගල් බැලුන්.. වලින් පසුව රටටම 4G දෙන්න මයික්‍රොසොෆ්ට් එයි

colombotoday

පන්සල්, පාසල් ආසන්නයේත් තැබෑරුම් ඇරීමට අවසර දීමට සූදානම්.. ජනපතිකෙනෙක් රටට කුමටද?

colombotoday

කෙසෙල්වත්තේ ඝාතනයට තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

සැප්තැම්බර් පළමු දින 17තුළ සංචාරකයින් 65,688 ක් ඇවිත්

Admin