Colombo Today Local News

අශේන් පසුපස සී.අයි.ඩීය

ප්‍රසිද්ධ සමාජ ජාල ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ මැතිවරණ කොමිෂන් සභාවත් එහි ඇතැම් නිලධාරිනුත් දූෂිත යැයි ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙනි.ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය දොළොස් වැනි දා එහි පෙනී සිටින්නැයි අශේන් සේනාරත්න දැනුම් දී තිබුණද ඔහු එදින නොපැමිණ වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා තිබින.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඔහු ස්වාධීන කණ්ඩායමකින් ලබා දුන් නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මැතිවරණ කොමිසම සහ නිලධාරීන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක් කිරීමට අශේන් සේනාරත්න කටයුතු කලේය.

Related posts

සජබයේ තනතුරු දෙකක් වෙනස් වෙයි

Admin

බදු පනතට එරෙහිව කළු සතියක්

Admin

ජනපති ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන දෙකක් තහනම් කරයි….

colombotoday

UPDATE: උඩුවේ හිමියෝ 17 දක්වා රිමාන්ඩ් !

colombotoday

ගුවන් තොටුපොළ විවෘත කිරිම යළි කල් යයි

colombotoday

අල-ලූණු අද ගිනි ගණන්

Admin