Colombo Today Local News

ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට මාලිමාව පාර කියනවා

අද වන විට ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මාලිමාව විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බවත් ඒ හරහා මාලිමාව ප්‍රජාතන්ත්‍රවාදය මළගමට පාර කියමින් සිටින බව කේෂාල් ජයසිංහ පැවසීය.

ඔහු එබව කියා සිටියේ උතුරු කොළඹ ප්‍රදේශයේ (02) පැවති ජන හමුවකදීය.

පාර්ලිමේන්තු මැතිවරණයකදි සාමාන්‍යයෙන් සිදු වන්නේ ඡන්ද දායකයන් විසින් තමන්ට කැමති නියෝජිතයන් පත් කිරිම වන අතර නියෝජිතයන්ට ඡන්ද දායකයන් කරා ගොස් තමන් කිරිමට අපේක්ෂා කරන වැඩ කටයුතු පිළිබඳ දැනුවත් කළ හැකි බවත් කේෂාල් ජයසිංහ එහිදී පැවසිය.

ඡන්ද දායකයාට තමා ඡන්දය ලබා දෙන අපේක්ෂකයාගෙන් ප්‍රශ්න කිරීමට හැකිවීම තුලින් ඡන්ද දායකයා හරහා නියෝජිතයා අතර සම්බන්ධයක් ගොඩ නැගෙන අතර දැන් සිදු වෙමින් යන්නේ මාලිමාවේ අපේක්ෂකයන්ට ඡන්ද දායකයන් හමුවට ගොස් තමන් ඉදිරිපත් විමේ අභිප්‍රායන් ප්‍රකාශ කිරීමේ ඉඩකඩ ඇහිරීම බවත් එය ජනතා විමුක්ති පෙරමුණ කරනු ලබන බලපෑමක් බවත් හෙතෙම සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදි ජනාධිපතිට ලැබුණු ඡන්ද වලින් සාතිශය බහුතරයක් සමන්විත වන්නේ ජනතා විමුක්ති පෙරමුණට අදාළ ඡන්ද පදනමින් නොවන බව කී හෙතෙම එවක ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ තම පක්ෂයද මාලිමාවේ කොටස්කාරයෙක් බවය. නමුත් දැන් මාලිමාවේ අනිත් කොටස්කරුවන් හොද්දක කරපිංචා නැටි බවට පත්විමට සිදු වි ඇති බව කී කේෂාල්, පක්ෂයේ මහා ලේකම්ට අවශ්‍ය විදියට පාර්ලිමේන්තුවක් සාදා ගැනිම දැන් සිදුවෙමින් පවතින බවද ප්‍රකාශ කර සිටියේය.

Related posts

හිටපු කොටින් දෙදෙනෙක් රජයේ සාක්ෂිකරුවන් ලෙස එක්නැලිගොඩ නඩුවට සාක්ෂි දෙයි!

colombotoday

මෙරට බුද්ධි අංශ පාවා දුන් මුහුණ වසාගත් රාජ්‍ය නිලධාරියෙක්?

Admin

ඇඳිරි නීතිය පනවා තිබියදී අත්අඩංගුවට ගත් වාහන නැවත හිමිකරුවන්ට ලබාදීමට තීරණයක්

colombotoday

පියයුරු පිළිකා සෛල නසන මීමැසි විස

colombotoday

” මේ රට ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුයි “

colombotoday

කෝටිපති ව්‍යාපාරිකයා නිවසේ කසිප්පු පෙරලා

colombotoday