Colombo Today Local News

ආරුගම්බේ සිද්ධියෙන් සංචාරක කර්මාන්තයට බලපෑමක් නෑ

ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන් වෙනුවෙන් එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් පසුගිය සතියේ දී සංචාරක උපදේශන ලබා දීම සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් ඇතිවෙනු ඇතැයි භීතියක් රට තුළ නිර්මාණය වී තිබුන ද, මේ වන විට තත්ත්වය ඉතාමත්ම සාමාන්‍ය අතට හැරී ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග පවසා තිබේ.

ඔහු පවසා ඇති ආකාරයට, සංචාරක උපදේශන පැවසූ සැනින් ආරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතය අවලංගු කිරීම් කිහිපයක් වාර්තා වූ ව ද, දිවයිනේ වෙනත් කිසිදු හෝටලයකින් කිසිදු අවලංගු කිරීමක් වාර්තා නොවන බවයි.

මේ වන විටත් යුරෝපයේ ඇතැම් රටවලට ශීත සෘතුව ආරම්භ වී තිබේ. ඒ අනුව, රුසියානු සහ පෝලන්ත සංචාරකයන් ගුවන් යානා වෙන් කර ගනිමින් ලංකාවට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

Related posts

බඹරුන්ගෙන් බේරෙන්න ගිය සිසුවෙක් ප්‍රපාතයකට ඇදවැටි මරුට

Admin

අතුරුදන්වූ සම්මානය වෙනුවෙන් කලාකරුවන්ගෙන් ආයාචනයක්…

colombotoday

එක්නැලිගොඩ නඩුවට චම්පිකගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සැරසේ

colombotoday

කෝටි දෙකක හෙරොයින් සමග සැකකරුවෙකු රාජගිරියෙන් අල්ලයි

colombotoday

ඇමති ජෝන් පල්ලියක් හදන්න ගල්ගමුවේ වැව් රක්ෂිතයකට විදියි

colombotoday

කබ්රාල්ට විදෙස් ගමන් තහනම්

colombotoday