Colombo Today Local News

මාලිමාවේ පවුල් දේශපාලනයට කිසිම ඉඩක් නෑ

බිමල් රත්නායක සහ සමන්මලී ගුණසේකර සැමියා සහ බිරිඳ වීමට පෙර සිට දේශපාලනයෙහි නිරත වූ බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එහෙයින් එහි දී බිමල් නිසා සමන්මලී දේශපාලනය කිරීමක් හෝ සමන්මලී නිසා බිමල්ට නොමිනේෂන් ලැබීමක් සිදුව නැති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

සුනිල් හඳුන්නෙත්ති වැඩි දුරටත් පෙන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ කිසිසේත් නිහාල් අබේසිංහ සහ චතුරංග අබේසිංහට සැසඳිය නොහැකි බවයි. ඔවුන් දෙදෙනා දේශපාලනය කරන්නේ දෙවිදිහකට බව ද තාත්තා නිසා පුතා දේශපාලනය කිරීමක් එහි නොමැති බව ද ඔහු සඳහන් කරයි.

නිහාල් අබේසිංහගේ ලේකම් ධුරයෙන් චතුරංගට කිසිදු වාසියක් ලැබී නොමැති අතර ඔහුට අපේක්ෂකත්වය ලැබුණේ දක්ෂතාව නිසා බව ද සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

ගුවන් විදුලි නාළිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් සුනිල් හඳුන්නෙත්ති වැඩි දුරටත් සඳහන් කළේ රෝහණ විජේවීර නිසා උවිඳු විජේවීරට සිය පක්ෂයේ අවස්ථාවක් නොලැබුණු බවයි.

Related posts

පොලිස් වෙඩි පහරින් එක් ඇසක් නොපෙනන පාරේ ගිය රාජා මිය යයි

Admin

ලංකාවට ඉන්දියාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 40000ක්

colombotoday

වසර පහාමාරකට පසු ලසන්ත වික්‍රමතුංග අද ගොඩ ගනී

colombotoday

කැබිනට් මණ්ඩල සංශෝධනයක්! ප්‍රබලයන් රැසකට ඇමතිධුර අහිමි වෙයි

colombotoday

බලංගොඩ නාය යෑමෙන් අතුරුදන්වූ එකම පවුලේ සිව්දෙනා සොයා මෙහෙයුම්

Admin

ඩොලමයිට් කියා තහනම් ග්ලයිපොසෙට් තොගයක් ගෙන්වයි

colombotoday