Colombo Today Local News

චන්ද්‍රිකාගේ සහය මෙන්න

මින් පෙර කිසිදාක අපගේ දේශයේ අනාගතය අද වැනි අවිනිශ්චිතතාවයකට සහ අභියෝගාත්මක ඉරණමකය මුහුණ පා නොමැති බව හිටපු ජනාධිපතිවරිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සියළුම ඡන්ද දායකයින් මෙවර ඡන්දය භාවිතා කිරිමේදී ඒ පිළිබඳ බැරෑරුම් ලෙස කල්පනා කළ යුතුව ඇතැයි ද ඇය පෙන්වා දෙනු ලබයි.

පුද්ගලයන් ලෙස නොව එක් එක් අපේක්ෂකයා ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරිමට ඔවුන් සතු ධාරිතාව අවධානයට ලක් කල යුතු බව ද එම නිවේදනයේ සඳහන් ය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට ප්‍රමුඛත්වය ලබා දීම , අධ්‍යාපන , සෞඛ්‍ය , කෘෂිකර්මය , කර්මාන්ත සහ ව්‍යවසායන්, ජාත්‍යන්තර වෙළදාම යන කරුණු කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

අවංක සහ යහපාලනය , රාජ්‍ය දූෂණ පිටුදැකීම මෙන්ම පොරොන්දු වූ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරිම පිළිබඳ සහතිකයක් ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටීම ඡන්ද දායකයින්ගේ අයිතියක් බව ද ඇය පෙන්වා දේ.

ආණ්ඩුකරණ ක්‍රියාවලියේ අවංකභාවය සහ වගවීම ඉල්ලා වසර දෙකකට පෙර ඇරඹී දැවැන්ත ජනතා ව්‍යාපාරය රැඩිකල් වෙනසක් සඳහා කල ඉල්ලීම අමතක නොකළ යුතු බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

ඉදිරිපත් කර ඇති යෝජනා කෙරෙහි බැරෑරුම් ලෙස මෙනෙහි කරන ලෙසත්, අඳුරු අනාගතය එළි පත්තේ ඇති අප දේශය ප්‍රබුද්ධ හා ශ්‍රේෂ්ඨ දේශයක් ලෙස නගා සිටුවීමට ඔබගේ වටිනා ඡන්දය භාවිතා කරන ලෙසත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉල්ලා සිටිනු ලබයි.

Related posts

යතුරුපැදි ජාවාරමක සුල මුල හෙළිවෙයි. දෙදෙනෙක් වැල්ලවායේදී අත්අඩංගුවට

colombotoday

මෛත්‍රී නැවතුන තැන

Admin

ගෑස් මෙට්‍රික් ටොන් 7,500ක් රැගත් තවත් නෞකා දෙකක් ළගදීම දිවයිනට

colombotoday

දැරියන් තිදෙනෙක් කෙළෙසූ 3ක් මූතූර්වලින් අල්ලයි.. දූෂකයන් නිදහස් කරන්න දේශපාලන බලපෑම්

colombotoday

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි !

colombotoday

“කර්නල් රත්නප්‍රිය ආදර්ශය” ජාතික සමගියට නව ප්‍රවේශයක් කරගනිමු – විමල් ජනපතිට ලියයි

colombotoday