Uncategorized

මාලදිවයින දණින් ඇද වැටේ මුලු සංචිත ඩොලර් මිලියන 50යි

ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති මාලදිවයිනේ ණය වර්ගීකරණය පහත හෙළීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් කටයුතු කර තිබේ.

එරට නව ජනාධිපතිවරයා යටතේ ගත් ක්‍රියාමාර්ග මෙම වත්මන් ආර්ථික අර්බුදයට හේතුවී ඇති බවට චෝදනා එල්ල වන බව විදෙස් මාධ්‍ය පවසයි.

මාලදිවයින පසුගිය කාලයේ සැලකුණේ දකුණු ආසියාවේ ඉහළ ඉල්ලුමක් සහිත සංචාරක ගමනාන්තයක් ලෙසය.

එහෙත් එරට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසු බලයට පත්වීමෙන් පසු ගනු ලැබූ ඇතැම් පියවර හේතුවෙන් මාලදිවයින මේ වනවිට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියි.

මාලදිවයිනේ ණය වර්ගීකරණය පහත හෙළීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් කටයුතු කර ඇත්තේ එවන් පසුබිමකය.

ඒ අනුව මීට පෙර CAA1 මට්ටමේ පැවති මාලදිවයින් ණය ශ්‍රේණිගත කිරීම CAA2 මට්ටම දක්වා පහත හෙළා තිබේ.

මූඩීස් ආයතනයට අනුව මේ වනවිට මාලදිවයිනේ විදෙස් මුදල් සංචිතය පවතින්නේ අමෙරිකානු ඩොලර් මිලියන 50ට වඩා පහත අගයකය.

එමෙන්ම, 2026 වසරේදී කල්පිරීමට නියමිත ඉස්ලාමීය බැඳුම්කර වර්ගයක් වන සුකුක් බැඳුම්කර හිමියන්ට, අමෙරිකානු ඩොලර් මිලියන 25ක ගෙවීමක් ලබන මාසයේ සිදුකිරීමට නියමිතව ඇතත් මාලදිවයින් රජය එම සුකුක් බැඳුම්කර ගෙවීම පැහැරහැරීමේ අවදානමක් මතුවී ඇත.

මේ අතර ඉන්දීය විරෝධියෙක් ලෙස ප්‍රකට මාලදිවයින් වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසු පසමිතුරුකම් පසෙකලා ලබන සතියේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ඉන්දියාවෙන් මූල්‍ය සහාය ලබාගැනීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ බව වාර්තා වෙයි.

උපුටා ගැනීම-අරුණ

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin

මත භේධයට තුඩුදුන් යහපාලන රජයේ ජාත්‍යන්තර එකගතා, ගිවිසුම් නැවත සමාලෝචනයට රජය සූදානම් !

colombotoday

හම්බන්තොට ඉඩමක් ඊශ්‍රායල් සමාගමකට.. කැබිනට් අනුමැතියෙන් දෙයි…

colombotoday

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

Admin

සතියේ ලග්න පලාඵල, ඔක්තෝබර් 12 සිට 19 දක්වා

colombotoday

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

Admin