ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (ETCA) පිළිබදව ද්විපාර්ශවීය සාකච්ඡා සදහා ඉන්දීය වාණිජ අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ළගදීම පැමිණෙන බව, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා පවසයි.
ඉංග්‍රීසි පුවත්පතක් සමග අදහස් පලකරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ගිවිසුම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා නිල මට්ටමෙන් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
ඉතා ඉක්මනින් ගිවිසුම අත්සන් කිරීමට හැකිවෙනු ඇති බවද අමාත්‍යවරයා විශ්වාසය පලකර තිබෙනවා.