Colombo Today Local News

ජනපති වෙබ් අඩවිය හැක් කළ 17 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට !

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය හැක්කිරීම සම්බන්ධයෙන් සැකපිට 17 හැවිරිදි පාසල් සිසුවකු කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍යයා වැඩිදුර ප්‍රශ්න කිරීම පිණිස කොළඹට රැගෙන එනු ලබන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය (president.gov.lk) දින දෙකක් ඇතුලත දෙවතාවක් හැක් කිරීමේ අරමුණ කවරක්දැයි ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

බ්‍රහස්පතින්දා සවස වෙබ් අඩවිය හැක් කිරීමෙන් අනතුරුව පාසල් ශිෂ්‍යයන් ආණ්ඩුවට කරන ඉල්ලීමක් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත නිකුත් කෙරුණු උපදෙස් කිහිපයක්ද හැකරුන් විසින් සිංහල භාෂාවෙන් එහි ප්‍රකාශයට පත් කර තිබුණි.

පැය කිහිපයක් ඇතුලත වෙබ් අඩවිය යථා තත්වයට පත්කරන ලද නමුත් යළිත් වරක් සිකුරාදාත් හැකරුන් එහි ඇතුල්වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු වෙබ් අඩවිය ඉරිදා යළි විවෘත කෙරිණ.

පරිගණක සම්බන්ධ චෝදනා පිළිබඳව කටයුතු කරන නීති විධිවිධාන ප්‍රකාර සැකකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසීය.

මීට ඉහතදීත් වෙබ් අඩවි ගණනාවක් හැක් කිරීම පිළිබඳව සැකකාර පාසල් ශිෂ්‍යයාට චෝදනා එල්ල වී තිබෙන බව වාර්තා වේ.

(බිබිසි සංදේශය)

Related posts

හිටපු ඇමති හයකට වැඩ වරදියි?

Admin

“කර්නල් රත්නප්‍රිය ආදර්ශය” ජාතික සමගියට නව ප්‍රවේශයක් කරගනිමු – විමල් ජනපතිට ලියයි

colombotoday

කීත් නොයා පැහැර ගැනීම : සරත් ෆොන්සේකා CIDයට කැදවයි…

colombotoday

දේවිකා කොඩිතුවක්කුත් සමගි ජන බලවේගයට

Admin

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

“මේ තරම් බරපතල විදිහට ගහයි කියල අපි හිතුවෙ නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday