Colombo Today Local News

හමුදා කදවුරු 64ක් නැගෙනහිරින් ඉවතට !

est army22නැගෙනහිර පළාතේ ස්‌ථානගත කර තිබූ හමුදා කඳවුරු හැටහතරක්‌ ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. 2016 ආරම්භ වන විට නැගෙනහිර පළාතේ හමුදා කඳවුරු 162 ක්‌ පිහිටුවා තිබූ අතර එම ප්‍රමාණය අගෝස්‌තු 31 වනවිට 98 දක්‌වා අඩු කිරීමට කටයුතු කර ඇත.

මේ අනුව ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ හමුදා කඳවුරු 64 ක්‌ පිහිටුවා තිබූ අතර එය 33 දක්‌වා අඩු කෙරේ.

මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ හමුදා කඳවුරු 69 ක්‌ පිහිටුවා තිබූ අතර එම ප්‍රමාණය 40 දක්‌වා අඩු කෙරේ.

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ හමුදා කඳවුරු 31 ක්‌ තිබූ අතර එය 27 දක්‌වා අඩු කිරීමට නියමිතය.

මෙලෙස හමුදා කඳවුරු 64 න් 30 ක්‌ දැනටමත් ඉවත් කර ඇත.

හමුදා භටයන් සියයකට වඩා අඩු පිරිසක්‌ සිටින කඳවුරු රැසක්‌ ඒ අනුව මෙලෙස ඉවත් කරනු ඇත.

මේ සම්බන්ධව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතාගෙන් කළ විමසීමකදී අදාළ කඳවුරු පිහිටි භූමියේ හිමිකරුවන්ට එම ඉඩම් ලබාදීම සඳහා ආරක්‍ෂාවට තර්ජනයක්‌ නොවන අයුරින් හමුදා කඳවුරු ඉවත් කර ඉඩම් මුදාහැරීමට තීරණය කෙරුණු බව සඳහන් කළේය.

දිවයින

Related posts

තලංගම හෝටලයක කාන්තා මළ සිරුරක්

Admin

සිසුවියන් ට ලිංගික අතවර කිරීමේ චෝදනාට කළුතර උපකාරක පන්ති ගුරා රිමාන්ඩ්

Admin

රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ගැසට් නිවේදනයක්

Admin

මත්තල ගුවන්තොටුපළ ගබඩාවේ අදින් පසු වී නෑ

colombotoday

ඕමානයේ අතරමං වූ කාන්තාවන් 16 ක් නැවත දිවයිනට

colombotoday

හරින්ගේ ගෝලයෝ බදුල්ලේදී අහිංසකයෙකුට තලයි

colombotoday