Colombo Today Local News

කැලණිතිස්සට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක්

කැලණිතිස්ස බලාගාර සංකීර්ණයට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක් සැපයීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟ වූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෘ නවමනි මහතා ප්‍රකාශ සදහන් කරන්නේ, එම ඩීසල් පොම්ප කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

මේ හේතුවෙන් ගැටලුවකින් තොරව කැලණිතිස්ස බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමට හැකියාව ලැබී ඇති බව ඔහු පවසයි.

අතිරේක සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරන්නේ, සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරයට අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් 500 ක් ලබා දීමට ද ඛනිජ තෙල් සංස්ථාව පියවර ගත් බවයි.

ඒ හේතුවෙන් කප්පාදුවකින් තොරව අද දිනයේ විදුලිය ලබාදීමට හැකි බව ද ඇන්ඩෲ නවමනි මහතා පවසයි.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කරන්නැයි බල කරමින් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකය.

මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ක්‍රියා කළ යුතු බව එහි විධායක කමිටු සාමාජික චරිත් ජයනාත් දයාරත්න මහතා සදහන් කරයි.

Related posts

“කොළඹ කුණු රහසිගත තැනකට.. කාටවත් කියන්න බෑ“ – කොළඹ නගර සභාව

colombotoday

විමල් වීරවංශ හිරේ දානවා… අනුර දිසානායක කියයි

colombotoday

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහන අත්අඩංංගුවට ගන්න වැඩ බලන ජනාධිපතිගෙන් නියෝග

colombotoday

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin

IMF අනුමැතිය ලැබුණු පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා පහළ යයි – ජනපති

Admin

අද සිට දින හතරක විදුලි කප්පාදුවක්

colombotoday