Colombo Today Local News

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික අපි විරුද්ධයි – වී. රාධාක්‍රිෂ්ණන්

පාර්ලිමේන්තුවට ගෙනවිත් ති‌‌බෙන 21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂයක් හා සුළු ජාතියක්ලෙස ඊට එකඟ නොවන බව කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නායක, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.

තලවකැලේ නගරයේදි අද (04) පැවැති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ කීය. හිටපු අමාත්‍යවරයා තවදුරටත් එහිදී අදහස් දක්වමින් මෙසේද පැවැසීය.

‘‘විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙනවිත් ති‌බෙන 21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් මගින් එතුමා කියන්නේ දැනට සියයට 5ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව නැතිකරලා එය සියයට 12.5ක් දක්වා  වැඩිකර එම  ඡන්ද ප්‍රතිශතයක් පාර්ලිමේන්තු යාමට ගන්න  අවශ්‍ය බවයි. එහෙම වුනොත් සුළු ජාතික පක්ෂවලට හෝ සුළු ජාතීන්ට පාර්ලිමේන්තුවට යාමට නොහැකි වෙනවා.

ඒ අයගේ බලාපොරොත්තුවක් තියෙන්නේ මහ පක්ෂයක් එක්ක එකතුව ඡන්දය ඉල්ලන්න අවශ්‍යයි  කියලයි. ඒ අයගේ අදහස හැමදාම සුළු ජාතික පක්ෂ සමග සම්බන්ධ වෙන්න බැහැ කියලයි. කෙලින්ම ඡන්දය අරගෙන ඇවිත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න අවශ්‍යයි කියලා. එහෙම සුළු ජාතීන් හා සුළු ජාතික පක්ෂ ප්‍රතික්ෂේප කරලා ඒ අය පක්ෂය ගෙනයනවා නම් ඉස්සරට ඔවුන් අමාරුවේ වැටෙනවා.

Related posts

ඇමති ජොන්ස්ටන් අල්ලස් කොමිසමේ නඩු තුනකින් නිදොස් කොට නිදහස්

colombotoday

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin

CID විමර්ෂණවලින් තවත් රහස් එළියට… බැදුම්කර බෑණා තවත් පුද්ගලයන්ට මිලියන ගණන් දුන් හැටි හෙළිවේ

colombotoday

මැලේසියාවේදී අල්ලා එවූ කොටි සැකකරුවෙක් නීතිපති උපදෙසින් නිදොස්කොට නිදහස්!

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිස්සි නීතිය පැනවේ.

colombotoday

පූගොඩ උසාවිය අසල පිපිරීමක්..

colombotoday