පාර්ලිමේන්තු භෝජනාගාරයේද භාවිත කරන්නේ බාල පොල්තෙල් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.
එම ව්‍යාපාරය කථානායක කරූ ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් මේ බව කියා සිටී.
ප්‍රමිතියෙන් තොර බාල පොල්තෙල් භාවිතා කිරිම නිසා දිගු කාලීන හා කෙටි කාලීන සංකූලතාවලට පුද්ගලයින් ගොදුරුවන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
විශේෂයෙන්ම රටේ නීති සම්පාදනය කරනු ලබන පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ මනස සමබරව පවත්වාගෙනයාම රටේ පුරවැසියනට හිතකර අතර මනස සමබරව පවත්වාගෙනයාම සදහා පුද්ගලයෙකු ලබා ගන්නා ආහාර බෙහෙවින් වැදගත් බව වෛද්‍ය මතයයි. එබැවින් පාර්ලිමේන්තු භෝජනාගාරයේ භාවිතා කරන පොල්තෙල් පිළබදව ඔබතුමාගේ කාරුණික අවධානය යොමුකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.