Colombo Today Local News

වරායට ආ ගෑස් නෞකා තුනෙන්, දෙකක් ගොඩබෑමට අනුමැතිය

ලිට්‍රෝ සමාගම විසින් ආනයනය කර තිබූ ගෑස් නෞකා තුනෙන්, දෙකක ඇති ගෑස් වෙළඳපලට නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව ගෑස් සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත්කර සිටින, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසයි.

මෙම නෞකා දෙකෙහි ඇති ගෑස් නිසි ප්‍රමිතියෙන් යුත් බවත්, ඒවායෙහි ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය මෙන්ම ගන්ධය ඇතිකරන ඊතයිල් මර්කැප්ටන් රසායන ද්‍රව්‍යය ද නිසි පරිදි ඇතුළත් බව ද ලේකම්වරයා කියයි.

අනෙක් නෞකාවේ ඇති ගෑස්වල ද ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය නියමිත පරිදි ඇතත්, ඊතයිල් මර්කැප්ටන් අවශ්‍ය ප්‍රමාණය නොතිබීම නිසා එය ගොඩබෑමට අවසර දිය නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

ජයන්ත ද සිල්වා මහතා මේ බව පැවසුවේ “ගෑස් දමන ගෑස්” යන තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (20)දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

දැනට ගොඩබෑමට අවසර නොදුන් නෞකාවේ ඇති ගෑස් නියමිත ප්‍රමිතියට ගෙන එන තුරු ගොඩබෑමට අවසර නොදෙන බවත්, නිසි ප්‍රමිතියට ගෙන ආ පසුත් ප්‍රොපේන්, බියුටේන් පරීක්‍ෂණයන් ද නැවත සිදුකර පරීක්‍ෂා කරන බවත් හෙතෙම සඳහන් කර සිටි.

මෙම නැව් තුනෙහිම ඇති ගෑස්වල ප්‍රොපේන් සංයුතිය සියයට 30 ඉක්මවා නැතැයි ද ලේකම්වරයා කීය.

ගෑස් වෙළඳපලට නිකුත් කිරීම නැවැත්විය නොහැකි බව කී ජයන්ත ද සිල්වා මහතා ජනතාවට සුරක්‍ෂිත ආකාරයෙන් ගෑස් ලබාදීම සිදුකළ යුතු බව ද ප්‍රකාශ කළේය.

Related posts

සුසිල් ප්‍රේම්ජයන්ත මෛත්‍රී අතහැර මහින්ටද එක්වෙයි.. තවත් හතක් එයි !!

colombotoday

ඩො. මි. 123ක පොහොර ව්‍යාපෘතියෙන් කැබිනට් ඇමතිවරයෙකු පගාව ඉල්ලලා

colombotoday

“ජන මතයට බිය නැත්තම්, පළාත් පාලන මැතිවරණය තියල පෙන්වන්න” – විමල්

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ජූලි මාසයේදී දිවයිනට

colombotoday

දුම්රිය වර්ජකයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න තීරණයක්

Admin

හමුදාව කැබලි 9කට කඩන්නැයි විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday