ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ පාසල් සිසුන්ට අවබෝධයක් ලබා දීමට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එහි ලේකම් කුමාරි විරසේකර මහත්මිය සඳහන් කළේ, ඒ අනුව ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කළ බව ද ඇය ප්‍රකාශ කළා ය.
පාසල්වල ඉහළ ශ්‍රේණි සඳහා මෙම පාඩම් මාලාව ඇතුළත් කිරීමට නියමිත ය.