Covid 19Uncategorized

හැටන් ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 ක් ඇතුළු පිරිසක් නිරෝධායනයට.

හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 දෙනෙකු, එම නේවාසිකාගාර භාරව සිටි කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු සහ සේවිකාවන් දෙදෙනෙකු නේවාසිකාගාරය තුළම ස්වයං නිරෝධානයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

එමෙන්ම එම නේවාසිකාගාරයේ රෝගි ලක්ෂණ මතු වු සිසුවියන් දෙදෙනෙකු (20) දින දික්ඔය මුලික රෝහලට ඇතුලත් කළ බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.

එම පාසලේ 10 ඒ සහ 11 ඒ වසර වල අධ්‍යාපනය ලබන සිසුවියන් දෙදෙනෙකු මෙසේ රෝහල් ගත කරනු ලැබූහ.

ඉන් එක් සිසුවියකට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි සුව වු සිසුවියක් බවත්, එම සිසුවිය මොරටුව ප්‍රදේශයේ පදිංචි සිසුවියක් බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.

රෝහල් ගත කළ අනෙක් සිසුවිය මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත්, එම සිසුවිය (12) දින පාසලේ නේවාසිකාගාරය වෙත පැමිණ ඇති බවත්, එම සිසුවියන් දෙදෙනා (18,19) යන දෙදින තුළ පාසලට ගොස් ඇති බවට තොරතුරු සනාථ කරගෙන ඇති බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.

නේවාසිකාගාරය සම්පුර්ණයෙන්ම විෂබිජහරණයට ලක් කරන බවත්, රෝහල් ගත කළ සිසුවියන් දෙදෙනා අධ්‍යාපනය ලැබු පන්ති කාමර වල සිසු සිසුවියන්ද ස්වයං නිරෝධානයට යොමු කර මුළු පාසලම සහ නේවාසිකාගාරය විෂබිජහරණය කිරිමට කටයුතු කරන බවද හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එම් මැදවෙල මහතා වැඩිදුරටත් පැවසිය.

Related posts

New York’s first women-only boxing club is here

colombotoday

කොරෝනා ආසාදිත කත රෝහලේ ඉඩ නැතිව බසයෙන් ගෙදර ගිහින්

colombotoday

කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස්

colombotoday

බේරුවල ධීවර වරාය වැසෙයි : පෑලියගොඩට මාළු ගෙනා 10 දෙනෙකුට කොරෝනා

colombotoday

මෙරට සිදුවූ 42 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

ලං.ග.ම සේවකයින් 285කට කොවිඩ් පොසිටිව්

colombotoday