Colombo Today Local News

මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් පියාඹන තහනම් පාර්සල්

අයිස් මත්ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කිරීමෙන් සිද්ධියක් සම්බන්ධයෙන් අද (02)දින විමර්ශනයක් ආරම්භ කළ බව බොරැල්ල පොලිසිය පවසයි.

පාර්සලය විසි කරන අවස්ථාවේදී එහි සේවය කල ජේලර් වරයකු ඒ බව දැක ක්ෂණිකව ක්‍රියාත්මක වී පාර්සලය අහුලාගෙන බන්ධනාගාරයේ ඉහල නිලධාරින් ලබාදී ඇතැයි පැවසේ.

පසුව එය පරික්ෂා කිරීමේදී ජංගම දුරකථන දෙකක් ,දුරකථන චාජරයක්,සිම් පතක්, ජංගම දුරකථන බැටරි දෙකක්, ලයිටර් දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් දෙකක්, ගංජා පාර්සලයක්, දුම්කොළ දහයක් තිබී ඇති බව පොලිසිය කියයි.

පසුව මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ පාර්සලය බොරැල්ල පොලීසියට ලබා දී ඇති බව පැවසේ.

ඒ අනුව පොලිසිය පවසන්නේ මෙම පාර්සලය බන්ධනාගාරය තුළට විසි කළේ කවුරුන්ද යන්න මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව සොයා විමර්ශනක් ආරම්භ කර ඇති බවයි. .

Related posts

තායිලන්තයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යයි

Admin

හෙට සිට නැවත්ත් උෂ්ණත්වය ඉහලට

Admin

මහින්ද මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

colombotoday

මහනුවර දිගන ආශ්‍රිතව අදත් සුළු භු චලනයක්

colombotoday

ෆයිසර් එන්නත්හකරණ බලය මුදාවට දීම ගැන ජීඑම්ඕඒ විරෝධය

colombotoday

කොවිඩ් සිරුරු 605 ක් ඔට්ටමාවඩියේ භුමදානය කර අවසන්

colombotoday