Colombo Today Local News

පළමු මාත්‍රාව ගත් අයට දෙවැනි මාත්‍රාව නිසි කාලයටම

කොරෝනා පළමු මාත්‍රාව දුන් ජනතාව සඳහා දෙවන මාත්‍රාව ලබා දීමෙිදී නියමිත දින වකවානු අනුව නිසි අයුරින් ලබාදීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය බලධරයන්ට උපදෙස් ලබා දුන්නේය.

දිස්ත්‍රික් මට්ටමින් මේ වන විට සිදු කෙරෙන එන්නත්කරණ කටයුතු කඩිනම් කරන ලෙසත් අවුරුදු 30-60 ත් අතර කාණ්ඩය මෙන්ම අවුරුදු 60 ඉක්මවූ පිරිස් සඳහා ලබාදෙන එන්නත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මට්ටමින් ලබා දීම ඒ ඒ දිස්ත්‍රික්කයන්හි උපරිම විධිමත් අයුරින් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී සිටියේය.

එන්නත්කරණය සම්බන්ධයෙන් ඇතැම් දිස්ත්‍රික්ක වලින් ලැබෙන විවිධ පැමිණිලි සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන ලෙසත්,මේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්,පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අතර මනා සබඳතාවක් පවත්වාගෙන යා යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා ප්‍රමුඛ සෞඛ්‍ය ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙි බව සඳහන් කර තිබෙි.

Related posts

දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අවදානම් තත්වයක්

Admin

රටට අත්ව ඇති විපත, ජනපති ඉදිරියේම උපමාවකින් කියා හිටපු ආරක්ෂක ලේකම් සමුගත් හැටි !

colombotoday

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිළිබඳ නිවේදනයක්

colombotoday

තවත් චීන නැවක් ලංකාවට එන්න අවසර ඉල්ලයි… ඉන්දීය රජය කනස්සල්ල පළ කරයි

Admin

මුස්ලිම් අපි කඩු තියාගෙන ඉන්නේ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවටයි… අත්අඩංගුවට ගැනීම අසාධාරණයි (Video)

colombotoday

නත්තල වගේම වෙසක් දවසත් ලෝක නිවාඩු දිනයක් කරන්න – නිමල් බෝපගේ

colombotoday