Colombo Today Local News

ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් අපට හිරිහැර.. හින්දු සම්මේලනය ජනපති හමුවී කියයි

07සමස්ථ ලංකා හින්දු සම්මේලනයේ නියෝජිත පිරිසක් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ 24 ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවි තිබෙනවා.

උතුරු නැගෙනහිර පළාත්වල හින්දු ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන මුස්ලම් සහ ක්‍රිස්තියානි මූලධර්මවාදී ක්‍රියා පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි හින්දු සම්මේලනයේ සභාපති එන්.අරූන් කාන්තන් මහත සදහන් කළේ.

මන්නාරම තිරුකේතීස්වරම් කෝවිලට අයත් ඉඩමක් කතෝලික සභාවේ මන්නාරම රදගුරු රායප්පු‍ ජෝශප් පූජකවරයාගේ අණ පරිදි ලුර්තු මාතාවගේ පල්ලිය විසින් ආක්‍රමණය කිරීම නිසා අර්බුධකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර ඒ පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ බවත්, ගැටළුව සම්බන්ධයෙන් ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යවරයා සහ හින්දු ආගමික කටයුතු ඇමතිවරයා ගෙන්වා කරුණු විමසන බවත් ඒ සදහා පිළියම් යොදන බවත් ජනාධිපතිවරයා පොරොන්දු වූ බවද අරුන් කාන්තන් මහතා පවසයි.

තිස් වසරත් පුරා බෙදුම්වාදය වපුරවමින් හින්දු සමාජය විනාශයට ඇද දැමූ රායප්පු ජෝශප් රදගුරුවරයා ප්‍රමුඛ ක්‍රිස්තියානී මූලධර්මවාදීන් යුද්ධයට මුවා වී උතුරු නැගෙනහිර හින්දු දමිළ සමාජය ක්‍රිස්තියානියට බිළිබාගෙන ඇති බවත්, ඒ හේතුවෙන් හින්දූත්වය අහිමිවීමේ ඛේදවාචකයකට හින්දු සමාජය මුහුණ දී සිටින බවත්, ඒ පිළිබදව ජනාධිපතිවරයාට කරුණු පැහැදිළි කර දුන් බවත් හින්දු සම්මේලනයේ සභාපතිවරයා පවසයි.

උතුරු නැගෙනහිරට බෙදුම්වාදී දේශපාලන විසදුම් හින්දු ජනතාවගේ ඉල්ලීම නොවන අතර ඔවුන්ට අවශ්‍ය වන්නේ යුද්ධයෙන් විනාශ වී ගිය තම සමාජය නැවත ගොඩනගාගෙන, හින්දු සංස්කෘතිය රැකගෙන නිදහසේ ජීවත්වීමට බවත්, බෙදුම්වාදී විසදුම් අවශ්‍යවන්නේ ද්‍රවිඩ දේශපාලකයන්ට බවත් ඔවුන් මෙහෙයවන්නේ බටහිර තානාපති කාර්යාල සහ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බවත් තමන් ජනාධිපතිවරයාට අවධාරණය කළ බවද හින්දු සම්මේලනය පවසයි.

06

Related posts

පාසල් පෙල පොත සංශෝධනයට බංග්ලාදේශයෙන් අන්තවාදී කණ්ඩායමක් එයි !

colombotoday

ජනාධිපති අපේක්ෂකයා ගැන නීත්‍යානුකූල නොවන නම් ඉදිරිපත් කිරීම ගැන විනයානුකූල ක්‍රියාමාර්ග ගතයුතුයි

colombotoday

ඇලෝසියස් කෝප් කමිටුවට “හලෝ” කීව සම්පූර්ණ ඇමතුම් වාර්තාව මෙන්න

colombotoday

දිවයිනේ රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යනවා…

Admin

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නව කොන්දේසි ගැසට් කෙරේ…

Admin

මැයි 09වන දා නිවාස හානිවූ මන්ත්‍රින් 74න් වන්දි ඉල්ලා ඇත්තේ 30යි

colombotoday