World

උත්සව සමයේ දී ඉතාලිය යළි වසා දැමීමට තීරණයක්

උත්සව සමය තුළ සංචරණ සීමා පනවමින් ඉතාලිය යළි වසා දැමීමට තීරණය කර තිබේ.

ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ විසින් ප්‍රකාශ කර ඇත්තේ, අදියර තුනක් යටතේ නත්තල් උත්සවය හා නව වසර ඉලක්ක කර ගනිමින් රට වසා දැමීමට තීරණය කළ බවය.

ඒ අනුව නත්තල් උත්සවයට සමගාමීව දෙසැම්බර් 24 සිට 27දක්වා වෙළෙඳසැල් වසා දමා සංචරණය සීමා කිරීමටත් , නව වසර උදාවට සමගාමීව දෙසැම්බර් 31 සිට ජනවාරි 3 දක්වා රට වසා දැමීමටත් තීරණය කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම ජනවාරි 5 වනදා සිට 6 වනදා දක්වා එක් දිනක් සඳහා ද ඉතාලිය වසා දැමීමට නියමිතය.

කෙසේවෙතත් අදාළ දිනයන් හි අත්‍යාවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යනු ලබන අතර නිවෙස්වලට වී උත්සව සමය ගත කිරීමට කටයුතු කරන ලෙස ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ මහජනතාවට දැනුම් දී තිබේ.

Related posts

ඔස්ට්‍රියාවේ මුස්ලිම් සිතියමක් ප්‍රසිද්ධියට පත්කරයි.

colombotoday

ඉන්දියාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි

colombotoday

පරෙවියන් යට කර මැරු රියදුරා අත්අඩංගුවට

Admin

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday

මුස්ලිම් නොවන අයව අවසන් කිරීමට “ලව් ජිහාඩ් සහ මත්ද්‍රව්‍ය ජිහාඩ්” භාවිතා කරනවා – රදගුරු මාර් ජෝශප් කල්ලරංගට්

colombotoday

අමෙරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකුට තුවාල

colombotoday