මැතිවරණ කොමිෂන් සභාවේ පරිපාලනමය කටයුතු සම්බන්ධව විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් අසත්‍ය හා සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම් වාර්තාවෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එවැනි අසත්‍ය හා සාවද්‍ය තොරතුරු ප්‍රකාශයන් ගැන සිය අවධානය යොමුවී ඇති බවය.
ඒ අනුව විවිධ අදහස් හා සාධනීය විවේචනයන් අගය කරනු ලැබුව ද කිසියම් සංවිධානයක හෝ පුද්ගලයින්ගේ ඕනෑ එපාකම්වලට නතුවීමට සූදානමක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.