Covid 19

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ අහඹු පරීක්ෂණවලින් කොවිඩ් රෝගීන් 106ක් හදුනා ගනී.

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේ සිදු කරන අහඹු පී.සී.ආර්. පරීක්ෂනවලදි කොවිඩ් ආසාදිතයන් 106 දෙනකු හමුවී ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.

කාමදේවන් මහතා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පිටස්තර ප්‍රදේශවල සිට පැමිණෙන එක් ප්‍රධාන මාර්ගයක් වන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේදි මාසයකට අධික කාලයකදි පුද්ගලයන් 1825 දෙනකු අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරීමට පියවර ගත් බවත්ය.

එසේ කරන ලද අහඹු පි.සි.ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 106 දෙනකු හදුනා ගෙන ඇති බවත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බවද ඔහු කීය.

එසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ බවත් තවත් පිරිසක් මස්කෙළිය, කොටගල, නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද කාමදේවන් මහතා පැවසීය.

Related posts

කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම්

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

colombotoday

සියලුම මගී ගුවන් යානා සහ මගී නැව් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday