Covid 19

මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 52,000 ඉක්මවයි.

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 52,313 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ(16)දින තවත් කොරෝනා ආසාදිතයින් 715 ක් හඳුනා ගැනීමත් සමගයි.

වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7,311 කි.

රෝගීන් 487 දෙනෙකු ඊයේ(16)දිනයේ සුවය ලැබීමත් සමග කොරෝනා රෝගයෙන් මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 44,746 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.

තවත් කොරෝනා මරණයක් ඊයේ වාර්තා විය.

එලෙස මියගොස් ඇත්තේ, ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඇයගේ මරණයට හේතුවී ඇත්තේ කොවිඩ් -19 ආසාදනය සමග ඇති වූ හෘද රෝගයක් ය.

මේ සමග මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 256 ක් දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සඳහන් කළේ ය.

Related posts

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

අවමගුලට ගිය 64න් 54කට කොවිඩ්

colombotoday

නව කොවිඩ් ප්‍රභේද ආසාදිත යැයි සැක අයෙක් ලංකාවෙන්

colombotoday

කොවිඩ් රෙගුලාසි ඇතුලත් නව ගැසට් නිවේදනයට ඇමතිනී පවිත්‍රා අත්සන් තබයි

colombotoday

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යයි. අද ආසාදිතයින් 697ක්

colombotoday

යලිත් කොරෝනා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළට | ගෙවුණු සතිය තුළ ආසාදිතයින් 11,000 ඉක්මවයි

colombotoday