Colombo Today Local News

වතුරේගම මාදැල් ධීවරයෝ උද්ඝෝෂණයක

ශ්‍රී ලංකාවට තහනම් ධීවර පන්න ක්‍රමයක්වූ හැඹිලි දැල් තහනම් නීතිය වහාම යළිත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගාලු පාරේ බලපිටිය වතුරේගමදී අද (17)දින උද්ඝෝෂණයක් පැවැත්වූහ.

බලපිටිය ,අහුන්ගල්ල හා කොස්ගොඩ මාදැල් ධීවරයින් හා ඔවුනගේ පවුල්වල අය මේ උද්ඝෝෂණයට සහභාගිවී සිටියහ.

දමා ඇති හැඹිලි දැල් තහනමද නොතකා ඇතැම් පිරිස් දැන් ජයටම එම කර්මාන්තයේ යෙදෙන බව මේ උද්ඝෝෂනයට සහභාගීවූ මාදැල් ධීවරයෝ පැවසූහ.

මේ නිසා සිය කර්මාන්තයට එයින් දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවද ඔවුහු පැවසූහ.

හැඹිලි දැල් තහනම වහාම ක්‍රියාත්මක නොකළහොත් මීටත් වඩා දරුණු ක්‍රියා මාර්ග ගැනීමට තමන්ට සිදුවෙන බවද උද්ඝෝෂකයෝ පැවසූහ.

Related posts

ගෑස් සිලින්ඩර 45,000 අද වෙළෙඳපොළට නිකුත් කිරයි

colombotoday

යහපාලන ආණ්ඩු තිබියදී රට ස්ථාවරව තිබුනා.. ගෝටාභය ජනාධිපති වූ පසු රටේ ආර්ථිකය කඩා වැටුනා- කිරිඇල්ල

colombotoday

“රට ඇතුලේ කවුරු කෑ ගැහුවත් වැඩක් නෑ.. මුළු ලෝකයම අපේ රජයට ආශිර්වාද කරනවා” – ජනපති

colombotoday

ජනපති තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කළ යුතුයි – කිරිඇල්ල

colombotoday

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය අද කතානායකට… විරුද්ධවන සියල්ලම දේශද්‍රෝහීන්….

colombotoday

මහින්දගේ ජනපති අපේක්ෂක ඉඟියත් සමග වෙල්ගමට යලිත් ගෝඨා භය වැළඳෙයි

colombotoday