Colombo Today Local News

ෆෙඩරල් යෝජනාව ගැන ආණ්‌ඩුව නිහඬ එය පිළිගන්නා නිසාද?

omalpe sobitha himi

උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතාගේ ෆෙඩරල් යෝජනාව පිළිබඳ වත්මන් රජය නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය, කරන්නේ එය පිළිගන්නා නිසාදැයි යනුවෙන් සැකයක්‌ මතුවන බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (5 වැනිදා) ප්‍රකාශ කළහ.

“අදිවාසේසි භගවා දුන්හී භාවේන” යනුවෙන් බුද්ධ ප්‍රඥප්තියක්‌ ඇති බවත් එමගින් අදහස්‌ කරන්නේ යම් කාරණයක්‌ සම්බන්ධයෙන් යමකු නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නේද ඉන් ගම්‍ය වන්නේ එය අනුමත කරන බව යෑයිද උන්වහන්සේ පැවැසූහ.

උතුරේ මෙම යෝජනාව පිළිබඳ මධ්‍යම රජය උතුරු පළාත් මහ ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතු බවත් උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග පිළිබඳ ප්‍රශ්න මතුවන බවත් ඕමල්පේ හිමියෝ කීහ.

උතුරේ ෙµඩරල් යෝජනාවට විරුද්ධ යෝජනාවක්‌ ගෙන ඒමට ක්‍රියා කළේ බස්‌නාහිර පළාත් සභාව පමණක්‌ බවත් එම පළාත් සභාවට තිබූ කොන්ද අනිත් පළාත් සභාවලට නොමැතිවීම ගැටලුවක්‌ බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (5 වැනිදා) එම අදහස්‌ පළ කළේ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ පිහිටි එම පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

Related posts

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සිව්දෙනෙක් පොලිස් දැලේ

Admin

අගමැති මහින්දගේ 76 වන ජන්ම දිනය අදයි

colombotoday

පුංචි ඡන්දය දැන්ම නොතියයි.. 2017 මුලට යයි

colombotoday

හමුදාවට අපහාස කළ මහඇමතිව නාවික කදවුරකට ගෙන්වාගනී.. සුපිරි සංග්‍රහයකුත් දෙයි

colombotoday

දේශපාලන වේදිකාවේ විකිණුනු එක්නැලිගොඩ ජීවතුන් අතර – මධුමාදවගෙන් ඡායාරූප සමග හෙළිදරව්වක්!

colombotoday

ජාතික රණවිරු දිනය වෙනුවෙන් විරුවන්ට උසස්වීම්

Admin