හමුදා කඳවුරකට බලහත්කාරයෙන් අතුල් වූයේ යයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අත්අඩංගුවට ගතහොත් විදෙස් හමුදා පවා මෙරටට කඩා වදිනු ඇති බව නව සම සමාජ පක්ෂ නායක වික්රමබාහු කරුණාරත්න මහතා පවසයි.
සම්බන්ධන් එම ප්රදේශයට ඇතුල් වී ඇත්තේ දෙමළ ජනතාවගේ ඉඩම් බලෙන් අල්ලාගෙන ඇත්තේ මන්දැයි හමුදාවෙන් විමසීමට බවද කි කරුණාරත්න මහතා අදාල ඉඩම් හමුදාව යටතේ තබාගෙන සිටීමෙන් නැවත යුද්ධයකට මග පෑදෙන නිසා වහා ඉඩම්වලින් හමුදා ඉවත් කරන්නැයි රජයට බල කරන බවද කියා සිටී.
නව රජයට මෙතෙක් රට තුල ප්රජාතන්ත්රවාදය ඇති කර නැතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.