Colombo Today Local News

දිවි නහගන්න ළිඳට පැන්න ගැබිනියක් ළිඳ තුළම දරුවා බිහිකරයි | බිළිඳා මිය යයි

රඹුක්කන, පත්තම්පිටිය, කෙම්පිටිවත්ත ප්‍රදේශයේ ගැබිනියක් ළිඳකට පැනීම නිසා කුසෙහි සිටි බිළිඳා මිය යාමේ කනගාටුදායක පුවතක් වාර්තා වේ.

මෙසේ සිය දිවි හානි කර ගැනීමට තැත් කර ඇත්තේ 28 හැවිරිදි සදාසිවම් ශ්‍රී කුමාරි යන කාන්තාවකි. පෙරේදා (13දා) සවස එම කාන්තාව නිවසේ නොසිටි බැවින් නිවැසියන් ඇය සොයන විට නිවසට මඳක් දුරින් වූ අනාරක්ෂිත ළිඳකට වැටී සිටිනු දැක තිබේ. පසු අවට නිවෙස්වල අයගේ උපකාර මත ඇය රෝහල වෙත රැගෙන ගිය බව ඇයගේ වැඩිමහල් සොහොයුරිය පැවසුවාය.

ඇය රෝහල වෙත ගෙන ගිය පසු කුසෙහි සිටි දරුවා ළිඳ තුළදී බිහි කළ බව පැවසීමෙන් පසු බිළිඳා සෙවීමේ කටයුතු ඊයේ දිනයේදී (14දා) සිදු කළ බවද සොහොයුරිය පැවැසීය. ඇයගේ ස්වාමි පුරුෂයා මැදපෙරදිග රැකියාවක නියුතු අයෙකි.

සවස 3.00ට පමණ දරුවාගේ මළ සිරුර ගොඩගන්නා ලද බවත් එම මෘත දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා කෑගල්ල රෝහල වෙත ගෙන ගිය බව රඹුක්කන පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. මැල්කම් පේට් පවසයි.

මෙම බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් හා මව සියදිවි හානි කර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ රඹුක්කන පොලිසිය විසින් සිදු කරන බව මැල්කම් පේට් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ලිංගික අල්ලස් ඉල්ලූ 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂක

colombotoday

විදුලි ඉංජිනේරුවරු දැඩි ක්‍රියාමාර්ගයකට යයි

colombotoday

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

ජනාධිපති හොරු අල්ල අල්ල යද්දි රට හදන වැඩේ අපිට බාර දෙන්න

Admin

UN, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය දේශපාලන පරිවර්තනය පිළිබඳව කනස්සල්ලෙන්

colombotoday

ළමා අපයෝජනයකට සම්බන්ධ පොහොට්ටුවේ ප්‍රා.සභා මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

colombotoday