Colombo Today Local News

උත්සව සමයේ සතොස සහන මල්ල අලුත් වෙයි – භාණ්ඩ වර්ග 20ක්

මෙම උත්සව සමයේදී විශාල මිල අඩුවීමක් සමග සතොස සහන මල්ලක් අද(14) දිනයේ සිට ලංකාව පුරා සතොස ශාඛා ජාලය හරහා අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.

භාණ්ඩ වර්ග 20ක් ඊට අයත්ය. සහන මලු ලක්ෂයක් එලෙස අලෙවි කිරීමට සතොස සැලසුම් කර ඇත.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ රුපියල් 3,998කට හිමිවන එම සහන මල්ල සඳහා පාරිභෝගිකයාට රුපියල් 1,750ක වාසියක් හිමිවන බවය.

එම සහන මල්ලට අයත් භාණ්ඩ ලැයිස්තුව පහතින්,

සුපිරි සම්බා කිලෝ 10ක්
සුදු සීනි කිලෝ 1ක්
රතු පරිප්පු කිලෝ 1ක්
ඉදිආප්ප පිටි කිලෝ 1ක්
හාල්මැස්සන් ග්‍රෑම් 500ක්
නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්
මේස ලුණු ග්‍රෑම් 400ක්
පොල් ගෙඩි 2ක කිරි
සොයාමීට් ග්‍රෑම් 90ක්
පපඩම් පැකට් එකක්
මිරිස් කුඩු ග්‍රෑම් 100ක්
ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100ක්
තුනපහ කුඩු ග්‍රෑම් 100ක්
කහකුඩු ගෑම් 100ක්
තේ කොළ ග්‍රෑම් 100ක්
සුවඳ සබන් කැටයක්
සතොස සබන් කැටයක්
දෑත් සෝදන දියර
සතොස රෙදිසෝදන සබන් කැටයක්
මුහුණු ආවරණ 10ක්

Related posts

හම්බන්තොටින් එළියට එන්න – රනිල් සජිත්ට කියයි

colombotoday

VPN එකෙන් ONLINE ඇවිත් නාමල්ගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්

colombotoday

මම මහා පරාක්‍රමබාහු වගේ මට ඡන්දය දෙන්න

Admin

ළමා නිවාසයකින් සිසුවියන් 6ක් පැන ගිහින්

Admin

භික්ෂුවකට ජාතියක් ගැන කතා කරන්න අයිතියක් නෑ – ඇමති රාජිත

colombotoday

ඕමානයේ අතරමං වූ කාන්තාවන් 16 ක් නැවත දිවයිනට

colombotoday