Colombo Today Local News

ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් බවට ලැබුණු පැමිණිල්ලක් මත අයෙක් අත්අඩංගුවට

ප්‍රහාරයක් එල්ලවන බවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී පුද්ගලයෙකුව අද (14)දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, කොළඹ පිහිටි ජාත්‍යන්තර සබඳතාවලට අදාළ විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ලවන බවට යම් තොරතුරක් ලැබුණු බවත් එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් දන්වා එම ආයතනයේ නිලධාරීන් විසින් ඊයේ (13) දහවල් කොල්ලුපිටිය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබූ බවය.

පසුව අදාළ පැමිණිල්ල කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මහනුවර ප්‍රදේශයේ ස්ථීර පදිංචියක් ඇති පනාගොඩ ප්‍රදේශයේ තාවකාලික පදිංචියක් සහිත කීර්ති රත්නායක නැමැත්තෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවත් කිසියම් සිද්ධියක් නිසා පසුව ඔහුව ඉන් නෙරපා ඇති බවත්ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

ඊළාම් කොඩිය බිම දා ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ඉතාලියේදි සිංහ කොඩිය ඔසවයි

colombotoday

ව්‍යවස්ථා දළ කෙටුම්පතෙන් ජාතිවාදය දෝරෙ ගලයි.. ජනවාර්ගික කළාප ගොඩනැගීමටත් යෝජනා

colombotoday

කොවිඩ් ආසාදිතයින් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමේ තීරණයක්.

colombotoday

අධ්‍යක්ෂවරිය වෙනුවෙන් රේගුවට, සුරාබදු වෘත්තිය සමිති 14ක් එක් වෙයි.

colombotoday

සීපා ගිවිසුම නෑ… ඒ වෙනුවට වෙනත් ගිවිසුමක්

colombotoday

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin