Colombo Today Local News

සහන මිලට දෙන්න තිබූ පොහොර තොගයක් විකුණු වාරියපොළ සංවර්ධන නිලධාරියෙක් අත්අඩංගුවට

වාරියපොළ ප්‍රදේශයේ ගොවීන් සඳහා සහන මිලට ලබා දීමට නියමිතව තිබූ පොහොර තොගයක් විකුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, වාරියපොළ ගොවිජන සේවා කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, රුපියල් 1,500 ක සහන මිලට ලබා දීමට තිබූ පොහොර මිටි 50ක් ඔහු තම පෞද්ගලික වෙළෙඳසැළක තබා අලෙවි කරමින් සිටි බවය.

අත්අඩංගුවට ගත් සංවර්ධන නිලධාරීවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය වැඩිර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මැතිවරණ නීති කඩන මන්ත්‍රීන්ට වැඩ වරදි?

colombotoday

පොහොට්ටුවේ මහ සම්මේලනය අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

Admin

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

Admin

අර්ජුන් ඇලෝසියස් ආගිය අතක් නෑ !!

colombotoday

කටුනායක ආගමන විගමන පරිගණක පද්ධතියත් බිඳවැටෙයි

Admin

තෙවැනි නිදහස් අරගලය ඇරඹීමට සූදානම්.. නායකත්වය මහින්දගෙන්

colombotoday